January 20, 2022

Ada Rata

All news in one location

වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිපදවීමේ ක්‍රමයක්


ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු විසින් වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කිරිමට සමත් වී තිබෙනවා.

අතිගරු ජනාධිපති තුමාගේ හරිත කෘෂි රටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ යටතේ වස විසෙන් තොර කෘෂි බෝග නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක කාබනික පොහොර හඳුන්වාදීමේ වැඩසටහනට දායකත්වය ලබාදීමට මෙසේ කර තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල වගා කටයුතු සඳහා වවුල් අපද්‍රවය භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වී තිබෙනවා.

ලක්ෂපාන ප්‍රදේශයේ වසර හතළිහකට අධික කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැනිම් කටයුතු සිදු කර අතහැර දමා ඇති උමං සහ ලක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ගල් ලෙන්වල ජීවත්වන වවුලන්ගේ අපද්‍රව්‍ය එක්රැස් කර මෙය සිදු කළ බව සඳහන්.

එම ගල් ගුහා වලින් එක්රැස් කර ගන්නා වවුල් අපද්‍රව්‍ය කැළණි ගඟ හරහා රැගෙන ඒමට එම තරුණයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයක්ද දරා තිබෙනවා.

මෙම වවුල් පොහොර වල ශාක වර්ධනයට අවශ්‍යය නයිට්‍රිජන්, පොටෑසියම් පොස්පරස් ඇතුළු පෝෂණ කොටස් අඩංගු වනවා.

එසේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර වල නයිට්‍රිජන් ප්‍රතිශතය 2‍% සිට 2.7% දක්වා පරාසයක පවතින බව සඳහන්.

ගන්නොරුව සහ මාකඳුර පර්යේෂණ ආයතන මඟින් ඒ සඳහා ලබාගත් පර්යේෂණ සහතිකයක්ද එම තරුණයන් දෙදෙනා සතුව පවතිනවා.

දැනට එම තරුණයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරනු ලැබූ වවුල් පොහොර 20,000 – 30,000 අතර තොගයක් මේ වන විට පවතිනවා.

පොහොර නිෂ්පාදනය සඳහා ආයෝජකයකු ලබාදී ගෘහ ආශ්‍රිත වගාවන් සඳහා මෙම කාබනික පොහොර බෙදා හැරිමේ වැඩසටහනක් දියක් කිරිමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පියවර ගත යුතු බව ඔවුන් සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq