December 4, 2021

Ada Rata

All news in one location

වරාය නගරය නිසා පොහොට්ටුවේ හිමිවරු දෙකට බෙදෙති


ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොලඹ වරාය නගර පනත සම්බන්ධ බරපතල විවේචනයක් ඉදිරිපත් කරද්දී ඊයේ (19) මාධ්‍ය හමුවක් පවත්වමින් මැදගොඩ අභයතිස්ස හිමියන් වරාය නගර පනතට පක්ෂව අදහස් ඉදිරිපත් කළේය, එපමනක් නොව වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා වැනි බොහොට්ටුවට සම්බන්ධ කණ්ඩායමක් වරාය නගර පනත රැකීමට සම්බන්ව සිටිති.

මේ මගින් පෙනීයන්නේ ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තනිව ඇති බවත් පොහොට්ටුවේ හිමිවරුන් අතර බලය මැදගොඩ අභයතිස්ස හිමියන්ට හිමිවෙමින් පවතින බවත්ය.

ජාතික විද්වත් භික්ෂු සංසදයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ හිඳිමින් ඩොලර් ආදායම් උපදවා ගැනීමට හැකියාවක් ලැබෙනවා නම් එය ඉතා හොඳ දෙයක් බවයි.

වැඩිපුර ඩොලර් ලැබීම රටේ ආර්ථිකයට වඩා යහපත් දෙයක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය මගින් අසූ දහසක් පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යැයිද පැවසූ උන්වහන්සේ ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා බොහොමයක් ඇති වන බවද කියා සිටියහ.

කෙසේ නමුත් මෙම යෝජිත කොමිෂන් සභාවට ද්විත්ව පුරවැසියන් හෝ විදේශිකයන් පත්වීම වැළකිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ අය මෙහෙයවන්නේ කවුදැයි අවධානයෙන් සිටිය යුතු බව ද පැවසූ උන්වහන්සේ මීලගට ලෝක බලවතා වීමට නියමිත චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරමින් සිටින බවද පැවසූහ.





Source link