October 25, 2021

Ada Rata

All news in one location

වර්තමානයේදී වැඩි මිලට වානයක් ලීසිං කිරීමට පෙර ඔබ දැනගත යුතු දේ


මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රට වල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද, බබල් එකක් ඇති වී තිබෙන බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මෙම පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීමත් සමඟ මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී තිබෙනවා.

පවතින තත්ත්වය සමතයකට පත් වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකි බවත්, මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත් ඔහු පවසනවා.

දෙරණ 24 නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(colombotimes.lk)

Viber



Source link