October 20, 2021

Ada Rata

All news in one location

වර්ජනය නොතකා ඉගැන්වීම් කරන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම්



වැඩවර්ජනය නොතකා ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට තර්ජනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි. 

රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා පැමිණවීම බරපතල වැඩ සහිතව සිරදඬුවම් ලැබිය යුතු  වරදක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. 

මේ වන විට උතුරු, නැගෙනහිර පළාත්වල,පෞද්ගලික පාසල්වල,ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ඉගැන්වීම් කරන අතර අධ්‍යාපනයක් නොලබන්නේ දකුණේ රජයේ පාසල්වල ඉගෙනුම ලබමින් සිටි දරුවන් බවද අමාත්‍යවරයා පවසයි. 

මෙය අවාසනාවන්ත තත්ත්වයක් වන හෙයින් වැඩවර්ජනයේ යෙදෙන ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර ඉගැන්වීම් ආරම්භ කරන ලෙස යැයි හෙතෙම කියා සිටියි. 

ASK




Source link