October 19, 2021

Ada Rata

All news in one location

වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට


වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා.

අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා මේ වනවිට කැකිරාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල්වරයා විසින් ද හබරණ පොලීසියට පැමිණිලි කර තිබෙන්ස් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් මතුවූ තත්ත්වය වාර්තාවීමත් සමග යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ පිළිබඳ සෙවීමට ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු යටතේ කමිටුවක් පත් කර තිබෙනවා. (colombotimes.lk)



Source link