October 17, 2021

Ada Rata

All news in one location

වත්තේගම මාස තුනේ දියණිය කොවිඩ් මරුවාට බිලිවෙයි


2021 මැයි 10 වනදා එනම් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 26 ක් වූ අතර අතර එය ලංකාවේ එක දිනක් තුළ කොරෝනා හේතුවෙන් මියගිය ඉහළම රෝගීන් ගණන වේ, මේ අතර හද කම්පා කරවන සිදු වීමක් වූයේ වත්තේගම පදිංචි මාස තුනක දියණියගේ මරණයයි.

කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ඇතිවූ බහු අවයව සංකූලතාවයක් හේතුවෙන් මේ කුඩා දියණිය අවසන් හුස්ම මහනුවර රෝහලේදී හෙළන්නේ ලංකාවේ පාලකයන් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් එක් කරමිනි.

නිවැරදි කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් කුඩා දියණියකට ලෝකය දකින්නට තිබු අවස්තාව අහිමි වූයේ ඊයේ පෙරේදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියා කෙනෙකු කරමින් ඇමරිකාවේදී ඔහුගේ පුතුට දියණියක ඉපදෙන මොහොතක වීම විශේෂත්වයකි.

පාලකයා රටේම පියෙකු බව විශ්වාස කළ මිනිසුන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට අප්පච්චි කිවේ කටකහනවාට නොව මෙවැනි ව්‍යසනයකදී පියෙකු තම දරුවන් රකින්නට කටයුතු කරනු ඇත යන විශ්වාසයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔබට නිසි කළමනාකරණයක් කළ නොහැකි නම් රටේ මිනිසුන්ගේ ජිවිත උගසට තබමින් කටයුතු නොකර හැකියාව ඇති අයෙකුට වගකීම භාර දෙන මෙන් ඉල්ලමි.





Source link