November 29, 2021

Ada Rata

All news in one location

වගාවන් ප්‍රවර්ධනය සඳහා රජයේ වැඩපිළිවෙළ


තේ වගාව ඇතුළු අනෙකුත් වගාවන් ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

පොහොර නොලැබීම හේතුවෙන් අධෛර්යමත් නොවී දිගටම එම වගා කටයුතුවල නිරත වන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ආරම්භක අවධියේ මෙම ව්‍යාපෘතියේ විවිධ ගැටලු මතුවීම ස්වභාවික බව පැවසූ අමාත්‍යවරයා රජය සමඟ එකතුව කටයුතු කරන මෙන් තේ ගොවීන් ඇතුළු සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටියා.

අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් හමුවකට කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කාබනික පොහොර වැඩපිළිවෙළ ආරම්භ කළේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගතයුතු ගත යුතු සාධනීය ක්‍රියා මාර්ගයක් වූ බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම වැඩපිළිවෙල ආරම්භක අවධියේ පසුවන බැවින් පොහොර නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින බවද එය ආනයනික පොහොර ගෙන්වීමෙන් විසඳීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළා.

නමුත් මෙසේ ගෙන්වූ ආනයනික පොහොර තොගයේ පැවැති ගුණාත්මකභාවය අඩුවක් හේතුවෙන් මෙම ගැටළුව ඇති වූ බව පැවසු ඔහු අවශ්‍ය නයිට්‍රජන් පොහොර ඉදිරි මාසය තුළ දී ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link