November 29, 2021

Ada Rata

All news in one location

වංචනික බඳවාගැනීම් උසාවි අණින් ඇණහිටියි



කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිදු කිරීමට උත්සාහ කළ වංචනික බඳවා ගැනීම් කිහිපයක් කොළඹ අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. ඒ එම තනතුරු සඳහා ඉල්ලුම් කළ එහෙත් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් නොලද අයදුම් කරුවන් කිහිප දෙනෙකු ගොනු කළ නඩුවකට අනුවයි.

2019/10/30 දින මේ පිළිබඳව දැන්වීම පළ කොට ඇත්තේ එවකට ඒකක ප්‍රධානව සිටි ප්‍රියන්කර රත්නායක මහතා සහ ඔහුට පක්ෂ ආචාර්යවරුන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ හිතවතුන් කිහිප දෙනකු බඳවා ගැනීම සඳහාය. මේ පිළිබඳ ව අධ්‍යනාංශයේ සෙසු බහුතර ආචාර්යවරුන් විරෝධය පළ කිරීමත් සමග එම පුවත්පත් දැන්වීම නැවත පළ කිරීමට එකඟ වී තිබෙනවා.

නමුත් වසර දෙකකටත් වඩා කාලයකට පසුව පසුගිය නොවැම්බර් 19 වනදා නැවත පුවත්පත් දැන්වීමක් පලකිරීමකින් තොරව සහ අධ්‍යයන අංශයේ අනෙකුත් ආචාර්යවරුන්ට හොරෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම සඳහා තෝරාගත් අයදුම් කරුවන් කිහිප දෙනෙකුට පමණක් ලිපි යොමු කර තිබෙනවා.

විදි විරෝධී සහ ක්‍රම විරෝධී ලෙස මෙය සිදුකර ඇත්තේ මහාචාර්ය පැට්රික් රත්නායක, ඒකක ප්‍රධාන රණේපුර හේවගේ උපුල් ජයන්ත, ප්‍රියංකර රත්නායක යන ආචාර්යවරුන්ගේ මූලිකත්වයෙන්ය. නාමල් යාලේගම නම් විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරීවරියකගේ අත්සනින් යුතුව සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් වංචනික ලෙස ලිපි යොමු කර ඇත්තේ එදින සිට දින 4 ක් ( සෙනසුරාදා සහ ඉරිදා දින දෙක ද ඇතුළත්ව) ඇතුළත එනම් 23 වනදා සම්මුඛ් පරීක්ෂණය පැවැත්වෙන බව සඳහන් කරමින් ය.

ඔවුන්ට අවශ්‍යය හිතවතුන් බඳවා ගැනීම පහසු කරගැනීම පිණිස ප්‍රථම පන්ති උපාධි, දර්ශනපති (MPhil) දර්ශනශූරී (PhD) උපාධි සහිත සහ ක්ෂේත්‍රයේ පළපුරුදු ඉහල සුදුසුකම් ඇති අයදුම් කරුවන් වෙත සම්මුඛ පරීක්ෂණය සඳහා ලිපි යොමු නොකර සිටීමට වග බලාගෙන තිබෙනවා. තනතුරු 4 ක් සඳහා අයදුම්කරුවන් 50 කට වැඩි සංඛ්‍යාවක් සිට ඇති නමුත් යාලේගම මහත්මිය සම්මුඛ පරීක්ෂණය සඳහා ලිපි යවා ඇත්තේ ඔවුන්ගේ හිත්වතුන්ට අමතරව අවම සුදුසුකම් සහිත අයදුම්කරුවන් කිහිප දෙනෙකුට පමණි.

හාස්‍යයට කරුණ වන්නේ දිනපතා සේවයට පැමිණෙන එම සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම් කළ එම අධ්‍යයන අංශයේ ම සහකාර කථිකාචාර්යවරුන්ටවත් මේ පිළිබඳ ව කැඳවීම් නොකිරීමයි. උසාවි නියෝගය ලැබෙන අවස්ථාවවන විට එම සහකාර කථිකාචාර්යවරුන් කිසිවක් නොදැන අධ්‍යයන අංශයේ රැඳී සිට ඇති අතර විශ්වවිද්‍යාලයේ වෙනත් ස්ථානයක රහසිගතව සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙමින් තිබී ඇත.

සම්මුඛ පරීක්ෂණය අත්හිටුවීමට සිදු වුව ද පැට්රික් රත්නායක මහතා අධ්‍යයන අංශයට පැමිණ සහකාර කථිකාචාර්යවරුන්ට පවසා ඇත්තේ උපකුලපතිතුමිය මෙවැනි උසාවි නියෝග නොසලකා හරින කෙනකු බැවින් උසාවි නියෝග පැමිණිය ද තමන් 4 දෙනකු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගත් බවත් ය. විශ්වවිද්‍යාලයට සිදු වන අපකීර්තිය වළක්වා ගැනීම සඳහා දූෂිත සහ අනීතික මෙවැනි ආචාර්යවරුන්ට හා පරිපාලන නිලධාරීන්ට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව මේ වන විට විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන් කටයුතු කරමින් සිටියි.




Source link