December 4, 2021

Ada Rata

All news in one location

ලෝක පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆැන්ටිනෝ මෙරටට පැමිණ තිබෙනවා.

ඒ, අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් බවයි වාර්තා වන්නේ.

ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් තිබුණා.

එමෙන්ම තවත් ලෝක පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පස් දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා.

ඔහු අද (19) දින පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමට නියමිතයි.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට නියමිත තරඟයේ වනවා. (colombotimes.lk)

Viber



Source link