October 17, 2021

Ada Rata

All news in one location

ලොහාන් ගැන විමර්ශන කඩිනම් කරන්න



රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලට අදාල විමර්ශන කඩිනම් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් එහි රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසකට හිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.

අනුරාධපුර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර අමාත්‍යවරයා පවසන්නේ තමන් බන්ධනාගාර වෙත ගිය නමුත් කිසිදු කලහකාරී සිදුවීමකට සම්බන්ධ‍ නොවූ බවයි.

UN




Source link