January 24, 2022

Ada Rata

All news in one location

ලොව රටවල් 40ක් දෙවැනි මාත්‍රාව දෙන්න අපොහොසත්.. ශ්‍රී ලංකාවත් ඒ අතරයි..


June 21, 2021 at 10:00 am |

ලොව රටවල් 40ක් දෙවැනි මාත්‍රාව දෙන්න අපොහොසත්.. ශ්‍රී ලංකාවත් ඒ අතරයි..- WHO කියයි..

ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට අපොහොසත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශය කරයි.

විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේදී මෙම රටවල් ගැටලුවලට මුහුණපා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් (Bruce Aylward) පැවසීය.

ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘‘මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදීම අත්හිටුවීමට සිදුවී තිබේ” යයි උපදේශකවරයා එහිදී සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ බෙදා හරින ලද ඉන්දීය සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපේක්ෂා කළ බොහෝ රටවල් මෙලෙස අසීරුතාවට පත්ව ඇතැයි උපදේශකවරයා පෙන්වා දුන්නේය.

අයිල්වර්ඩ් වැඩිදුරටත් පැවසුවේ උප සහරා අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් මෙන්ම ඉන්දියාවේ අසල්වැසි රටවල් වන ශ්‍රී ලංකාව සහ නේපාලයද එවැනි රටවල්වලට උදාහරණ බවයි.

– aruna

2,153 views



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq