October 28, 2021

Ada Rata

All news in one location

ලොවම තිගැස්සෙන නව කොරෝනා ප්‍රභේදයක් ජපානයෙන් මතුවේ


කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ.

ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත.

ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන විකෘතීන් බවයි.

එම තත්වයන් මත මෙම ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර තිබේ.



Source link