November 27, 2021

Ada Rata

All news in one location

ලුණු මිල පහතට | Colombo Times


මේ වන විට ලුණු නිශ්පාදනයේදී අතිරික්තයක් පැවතීම නිසාවෙන් ලුණු මිල පහත දැමීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

පුත්තලම ලුණු සමාගම, පෞද්ගලික අංශයේ ලුණු නිශ්පාදනාගාර සහ ලුණු ලේවායන් පරීක්ෂා කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමඟ ලුණු හිඟයක් පැමිණිය හැකි බවට බොරු මතවාදයක් පළ වුවත් වසරකට අවශ්‍ය ලුණු තොග, රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ හිඟයකින් තොරව පවතින බව එතුමා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියා.(Colombotimes.lk)



Source link