October 28, 2021

Ada Rata

All news in one location

ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වූ පුද්ගලික සමාගම් අධ්‍යක්ෂවරුන්ට ඇප


ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග හතරක් මෙරටට ආනයනය කිරීම සහ කල් ඉකුත් වු ඖෂධ තොගයක දින වෙනස් කොට ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තුන්දෙනෙකු ඇප මත මුදා හැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ඒ, සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් සංජය එල් එම් විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරීර ඇපයක් සහ රුපියල් පනස් දහසක මුදල් ඇපයක් මත මුදා හැරුණා.

දෙහිවල නිකපේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවක කල් ඉකුත් වු ඖෂධ නැවත ඇසුරුම් කරන බවට දෙහිවල ස්ථානාධිපතිවරයාට දැනුම්දීම අනුව ජාතික ඖෂධ නියාමක අධිකාරිය මෙම වැටලීම සිදුකර තිබෙනවා.

කල් ඉකුත් වු ඖෂධ වෙලදපොලට නිකුත් කර ඇද්ද යන්න සොයාබලා එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරි දිනයේදී අධිකරණයට වාර්තා කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිළධාරී ප්‍රධාන ආහාර හා ඖෂධ පරික්ෂක අමිත් පෙරේරා මහතා එහිදි අධිකරණයට කියා සිටියා.(colombotimes.lk)



Source link