October 18, 2021

Ada Rata

All news in one location

ලැබුණු එන්නත් ප්‍රමාණයට වඩා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැහුවෙ කොහොමද ?



මෙරටට ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දැනට එන්නත් කර ඇති බව මාධ්‍ය හරහා වාර්තා වී තිබිණි. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදීන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත ‍හේරත් මහතාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබා දෙමින් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ එන්නත් මාත්‍රා 10 ක් අන්තර්ගත සෑම එන්නත් කුප්පියකම අමතර මාත්‍රාවක් අඩංගු වී ඇති බවයි. එය එය එන්නත් නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය බවද වෛද්‍යවරයා සඳහන් කරනවා. එන්නත්කරණයේදී අපතේ යාමක් සිදුවිය හැකි බැවින් එවැනි අමතර ප්‍රමාණයක් අඩංගු කරන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙරට තුළ එන්නත්කරණය සිදු කිරීමේදී අමතර එන්නත් මාත්‍රාවද භාවිතා කර ඇති බවත්, ඒ අනුව වැඩි පුද්ගලයන් සංඛ්‍යාවකට එන්නත් ලබාදීමට හැකි වූ බවත් හේමන්ත හේරත් මහතා පවසනවා.

ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා 1,264,000 ශ්‍රී ලංකාවට ලැබුණු අතර ඊට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක් ලබා දී තිබේ.

UN




Source link