October 19, 2021

Ada Rata

All news in one location

ලසිත් මාලිංග පුහුකරුවෙකු ලෙස යළිත් ක්‍රිකට් පිටියට !



වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පුහුණුකරුවෙකු ලෙස බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු මේ බව මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය තුළ සාකච්ඡා වී තිබෙන නමුත් මේ දක්වා ලසිත් මාලිංග සමග සාකච්ඡා ආරම්භ කර නොමැත. ඉදිරියේදී ඔහු සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

උසස් නිළධාරියා වැඩිදුරටත් පවසා තිබෙන්නේ ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් බහුල ලසිත් මාලිංග වැනි පුද්ගලයෙකුගේ අත්දැකීම් හා දැනුම තරුණ වේගපන්දු යවන්නන්ට ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා මහත් පිටිවහලක් වනු ඇති බවයි.

ලසිත් මාලිංග තවමත් ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ නමුත් ඔහු පසුගිය 2020 වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර තරගයකට හෝ අවම වශයෙන් දේශීය තරගයකට හෝ සහභාගි වී නොමැත.

ලසිත් මාලිංග මීට පෙර කෙටි කාලසීමාවක් සඳහා ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු උපදේශකයෙකු ලෙස කටයුතු කළේය. මේ වනවිට විදෙස් කණ්ඩායම් රැසක් ඔහුගේ සේවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.

ජාත්‍යන්තර තරග 340 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ලසිත් මාලිංග එහිදී කඩුලු 546 ක් බිඳහෙළා තිබෙනවා.

UN




Source link