October 19, 2021

Ada Rata

All news in one location

ලබන සඳුදා සිට පාන් මිල වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි


පාන් රාත්තලක මිල වැඩි කිරීමට දැනට කටයුතු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළා.

තිරිඟු පිටි මිළ පහළ දැමීම සඳහා රජය මැදිහත් වී කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා දිනයේ සිට පාන් මිල රුපියල් 10කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා මීට පෙර ප්‍රකාශ කළේ.



Source link