October 17, 2021

Ada Rata

All news in one location

ලක්ෂයකට වැඩි මාසික ආදායමක් ඇති සියලුම දෙනාට සීයට පහකවත් බද්දක් පනවන්න ඕනෑ



රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන සියලුම දෙනාට 5%ක බද්දක් පැනවිය යුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

“අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන සේවා අංශ පවත්වාගෙන යෑම සඳහා අඩුම තරමින් “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා 5% කවත් බද්දක් පනවන්න ඕනෙ ආදායම් මට්ටම්වල වෙනසක් නැතිව සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තියෙන සියලුම දෙනාට” 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

RN




Source link