December 5, 2021

Ada Rata

All news in one location

ලංකාව කියන්නෙ චීනෙ කුණුගොඩ නෙවෙයි, ආණ්ඩුවත් මේක තේරුම් ගන්න ඕන



ශ්‍රී ලංකාව යනු චීනයෙන් කසල බැහැර කරන කසල ගොඩක් නොවන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. මෙම තත්වය ශ්‍රී ලංකා රජය මෙන්ම චීන තානාපතිවරයා සහ චීන රජයද තේරුම් ගතයුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මෙරට පැළෑටි නිරෝධායන සේවය චීන කාබනික පොහොර ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊට ඉහළින් ගොස් කටයුතු කිරීමට චීන තානාපතිවරයාට හෝ චීන රජයට නොහැකි බවත්, එපමණක් නොව මෙරට ආණ්ඩුවේ නායකයන්ටද නොහැකි බවත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ චීනය කෙතරම් බලගතු රටක් වුවද ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බව ඔවුන් තේරුම් ගතයුතු බවයි. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කරක් ගසමින් සිටින චීන කසල නැව ඔවුන්ට කැමති ඕනෑම තැනකට ගෙනයා හැකි බවත්, එම නෞකාවේ තිබෙන කසල ශ්‍රී ලංකාවට ගොඩබෑමට මෙරට ජනතාව ඉඩ ලබා නොදෙන බවත් ඔහු සඳහන් කරනවා.

UN




Source link