January 26, 2022

Ada Rata

All news in one location

ලංකාවම ආදරය කළ ඔෂීන් මිය යයි


“ඔෂීන්” ශ්‍රී ලංකාවේ අතිශය ජනාදරයට පත් ටෙලි නාට්‍යයක්.1989 වර්ෂයේ දිවංගත හෙන්රි ජයසේන ශූරින් ඔෂින් පළමුවෙන් ම ලංකාවට ඒමට කටයුතු කල අතර පසුව එය ටයිටස් තොටවත්තයන් අතින් සිංහල බසට හඬ කැවීමෙන් අනතුරුව විකාශනය විය.අතුල රන්සිරිලාල් ගේ මැදිහත්වීම මත ශිල්පීන් 250 පමණ පිරිසක් හඬ කැවීම් වෙනුන් දායක විය.

එහි නිර්මාණ අයිතිකරු හෙවත් පිටපත් රචක සුගකෝ හෂිඩා පසුගිය අප්‍රේල් 4 වෙනිදා බටහිර ටෝකියෝ හිදී මියගියා.
මිය යන විට 95 හැවිරිදි වියෙහි වූ ඇය ” ලිම්පොමා” රෝගයෙන් පෙළෙමින් සිටි අතර එය මරණයට අසන්නතම හේතුව බව පෙන්වා තිබුණා.

රටවල් 60 අධික සංඛාවක විකාශනය වී ඇති ඔෂින් ලොව වටා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් උණා .එසේම “වතුරු සේකෙන් ව ඔනි බකාරි”සහ මෙකින්ග් ඉට් තෘ ” වැනි කථාංග ද නිර්මාණය කල හෂිඩා ජපානයේ ඉහලම සම්මානයට පාත්‍ර වූ කලාකාරිනියක්.





Source link