October 20, 2021

Ada Rata

All news in one location

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් සඳුදා සිට නිවෙස් තුළම රැඳවීමට තීරණයක්



රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් PCR පරීක්ෂණයක් මඟින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනගෙන තිබෙන රෝගීන් නිවෙස් තුළම රඳවා තබාගනිමින් නියාමනය කිරීමේ වැඩපිළිවෙල එළඹෙන 17 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

නිවසේ රැඳී සිටියදී යම් සංකූලතාවක් මතු වුවහොත් එම තැනැත්තා රෝහල් පද්ධතිය වෙත යොමුකිරීමට තීරණයක් ගැනුණු බවයි අමාත්‍යවරිය සඳහන් කරන්නේ. 

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පිළිබඳ මෙහෙයුම් මැදිරියේ සිට එම මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතයි. 

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණද රෝග ලක්ෂණ නොපෙන්වන බොහෝ දෙනෙක් සිටින අතර ඔවුන් රෝහල් තුළට ඇතුළත් කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සිදුව තිබෙන හෙයින් නිවෙස් තුළ රඳවා එම කටයුතු නියාමනය කිරීමට තීරණය වී ඇත. 




Source link