November 29, 2021

Ada Rata

All news in one location

රු.කෝටියක අලාභයකින් අවසන් වූ වැලිකඩ විරෝධය (VIDEO)



වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත නැග රැදවියන් පිරිසක් කළ විරෝධතාව හේතුවෙන් රු. කෝටියක පමණ දේපළ හානියක් සිදුව ඇති  රැඳවියන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

පසුගිය මාසයක් දින 08ක කාලයක් පුරා මෙම රැඳවියන් විරෝධතායේ නිරතව සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ දීර්ඝ කලයක සිට බන්ධනාගාර ගතව සිටින රැඳවියන් වෙත පොදු සමා ක්‍රමයක් සකස් කරන ලෙසයි.

ඊට අවශ්‍ය කටයුතු සිදුවෙමින් තිබියදී මෙම රැඳවියන් පසුගිය මාසයකට වැඩි කාලයක් පුරා වරින් වර වහලය මත නැගී විරෝධතාවයේ නිරත් වූ බව චන්දන ඒකනායක මහතා කියා සිටියි. 
 
විරෝධතාවට එක්වූ රැදවියන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විනය පරික්ෂණයට අමතරව බොරැල්ල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු පවසයි. 

විරෝධතාවට රැඳවියන් 54 දෙනෙක් පමණ එකතු වී තිබූ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමේ ඊයේ රාත්‍රියේ ඔවුන්ව බිමට බස්සවා  ඇති අතර ඔවුන් කිසිවෙකුට හෝ හානියක් සිදුවීමට ඉඩ නොතැබූ බවයි ඒකනායක මහතා සඳහන් කරන්නේ. 
 
කෙසේවෙතත් මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇති බවත් විරෝධතාවට එක් වූ රැඳවියන් බූස්ස බන්ධනාගරය වෙත මාරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසමින් සිටින බවත් ඒකනායක මහතා කියාසිටියි. 

ASK




Source link