November 30, 2021

Ada Rata

All news in one location

රුසියානු “ස්පුට්නික් V” එන්නත නිපදවීමට තවත් ආයතනයට අනුමැතිය


රුසියානු “ස්පුට්නික් V” එන්නත නිෂ්පාදනය කිරීම සඳහා තවත් ආයතනයකට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනයටයි.

ඒ සඳහා ඉන්දීය ඖෂධ නියාමනයේ අනුමැතිය ද හිමිවූ බවයි එහි ප්‍රධානී අධාර් පූනවල්ලා සඳහන් කළේ.

කෙසේ නමුත්, සීරම් ආයතනය විසින් මේ වනවිට කොවිෂීල්ඩ් සහ කොවෝවැක්ස් එන්නත් නිෂ්පාදනය කරන බැවින් “ස්පුට්නික් V” එන්නත නිපදවීමට තවත් මාස කිහිපයක් ගත විය හැකි බවයි ඔහු පැවසුවේ. (colombotimes.lk)



Source link