January 19, 2022

Ada Rata

All news in one location

රුවන් චමිලගේ ඇප අයැදුම ඉවතට


ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම අද (04) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා විසින්.

සැකකරුව මෙම මස 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකරු මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හෙයින් සුදුසු ඕනෑම කොන්දේසියක් මත ඔහු ඇප මත මුදා හරින ලෙසටයි.

නමුත් සැකකරු අයුතු ලෙස උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළා. (colombotimes.lk)

Viber



Source link