November 29, 2021

Ada Rata

All news in one location

රුපියල නැගලා කියලා ආණ්ඩුව කියනවා හැබැයි බැංකුවල පැයෙන් පැයට අගය අඩු වෙනවා



ඊයේ මුදල් රාජ්‍ය ඇමතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති බව ප්‍රකාශ කළද අද (20) පස්වරු 03 පමණ වනවිට මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 208 ද ඉක්මවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. රාජ්‍ය බැංකුවලද රුපියල් 206 ඉක්මවා ගොස් ඇති බවයි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ.

අද පෙරවරු 09 සිට පස්වරු 03 පමණ වනවිට රුපියල් 14 කින් පමණ රුපියල් අවප්‍රමාණය වී ඇති බවත්, මෙතෙක් කල් දින දෙක තුනකට වරක් වෙනස් වූ අගය අද වනවිට පැයෙන් පැයට වෙනස් වන තත්වයට පත්ව ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

රජය විසින් රුපියල අවප්‍රමාණය කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති අවස්ථාවක මෙවැනි ආකාරයෙන් රුපියල අවප්‍රමාණය වීම පුදුම සහගත බවයි ඔහු පවසන්නේ. මෙම තත්වය මත හෙට වනවිට බඩුමිලද ඉතා සීග්‍රයෙන් වැඩිවිය හැකි බව ඔහු පවසනවා.

එක් දිනක් තුළ මෙලෙස රුපියල කඩා වැටීම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට පිළිතුරු දියයුතු බව හර්ෂද සිල්වා මහතා පවසනවා.

UN




Source link