October 28, 2021

Ada Rata

All news in one location

රුපියල් මිලියන 60 කට ආසන්න කොකේන් තොගයක් සමඟ ද. අප්‍රිකානු ජාතිකයෙක් කොටුවෙයි


රුපියල් මිලියන 60 කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 29 ක් සමඟ දකුණු අප්‍රිකානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කෙන්යාවේ – නයිරෝබි නුවර සිට අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

එහිදී ඔහුගේ ගමන් මළු ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලක ඒකකයේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කළා.

එම අවස්ථාවේදී ගමන් මල්ලේ ෂැම්පු බෝතල් 2ක පාර්සල් 3ක් ලෙස මෙම කොකේන් තොගය සගවා ගෙන පැමිණ ඇති අතර සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.



Source link