December 5, 2021

Ada Rata

All news in one location

රිය අනතුරක් සිදුකොට පළා ගිය මන්ත්‍රී විජයදාස ගේ පුත්‍රයා අත්අඩංගුවට


වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මන්ත්‍රී පුතා පැදවූ මෝටර් රථය  ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන්  පසු මන්ත්‍රීවරයාගේ පුතා වාහනය නතර නොකර ගොස් ඇති අතර  කොළඹ  පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  මේ වන විට පොලිස් අරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.



Source link