December 4, 2021

Ada Rata

All news in one location

රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණයේ වෙනසක්


රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව සඳහන්.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු විශාල පිරිසක් රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම මීට පෙර නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම සදහා වෙන්වූ 0112 677 877 දුරකතන අංකය භාවිතයෙන් ඉවත් කර ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link