October 19, 2021

Ada Rata

All news in one location

රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී මේ ගැනත් සැළකිලිමත් වෙන්න !



කොවිඩ් වසංගත තත්වය මැද ක්‍රියාකාරීව පවතින රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත ‍හේරත් මහතා පවසනවා. කොවිඩ් හා සමාන රෝග ලක්ෂණ පෙන්වන සේවකයන් සේවයට කැඳවීමේන වළකින ලෙසත් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයන් සේවයට කැඳවීම හරහා දැඩි අවධානමක් තිබෙන බවත්, ඒ නිසා තම ආයතනයේ සේවය කරන සේවකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බවත් හේමන්ත හේරත් මහතා පවසනවා.

වායුසමනය කරන ලද හෝ සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ස්ථානවල සේවය කරන පුද්ගලයන් සමීපව කටයුතු කරන සෑම අවස්ථාවකම වුව ආවරණ පැළඳ සිටීම වැදගත් බවත්, හැකිතරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන කටයුතු කළයුතු බවත් ඔහු අවධාරණය කරනවා.

කණ්ඩායම් වශයෙන් රැස් වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා අවදානම ඉහළ යාමට හේතු විය හැකි බැවින් එවැනි කටයුතු හැකිතරම් සීමා කළයුතු බවද හේමන්ත හේරත් මහතා පවසනවා.

UN




Source link