December 4, 2021

Ada Rata

All news in one location

රාජ්‍ය සේවකයා පීඩාවට පත්නොකර කරන්න බැරි නම් දීලා යන්න



සෞඛ්‍ය සේවයේ මතුව තිබෙන ගැටළු විසඳීම වෙනුවට සේවකයින් බියවද්දමින් ආණ්ඩුව ගැසට් නිවේදන නිකුත්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 

ජනතාව බියවද්දමින් මර්දනය කිරීමේ කටයුත්ත ආණ්ඩුව සිදුකරමින් සිටින බවයි මහලේකම්වරයා සඳහන් කරන්නේ. 

ජනතාව පීඩනයට පත්නොකර ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි නම් කරුණාකර ඉල්ලා අස් වී කළ හැකි අයෙකුට භාර දෙන ලෙසද හෙතෙම කියා සිටියේය. 

එමෙන්ම රාජ්‍ය සේවකයා පීඩාවට පත්කරන ඒකාධිපති ගැසට් ගැහිල්ල නතර කරන ලෙසද රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී. 

ASK 




Source link