October 28, 2021

Ada Rata

All news in one location

රාජගිරියේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පලා ගිය මෝටර් රථය, සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට


රාජගිරියේ දී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පලා ගිය මෝටර් රථය, සැකකරුවන් දෙදෙනෙකු සමග තලංගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

තලන්ගම ප්‍රදේශයේ දී පොලිසිය කළ වැටලීමකදී මෙලෙස මෙම මෝටර් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන බවත් ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ. (colombotimes.lk)

Viber



Source link