October 28, 2021

Ada Rata

All news in one location

රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…


May 11, 2021 at 2:26 am | lanka C news

රසායනික පොහොර තහනමෙන් එළවළු නිෂ්පාදනය බිදවැටේ… එළවලු මිල ඉහලට…

රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය රජය තහනම් කිරිමත් සමග නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවියෝ තම එලවළු වගාවේ අස්වැන්න අඩු වි ඇති බවට මැසිවිලි නගයි.

කාලයත් තිස්සේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා කරමින් එලවළු වගාව සිදු කල බවත්, දැනට දින කිහිපයක සිට රසායනික පොහොර වෙලදපොල් නොමැති විමෙන් තම එලවළු වගාවේ අස්වැන්න විශාල ලෙස අඩු වි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් කියා සිටින්නේ.

කාබනික පොහොර යොදාගෙන නුවරඑලිය ප්‍රදේශයේ ඇතැම් ගොවින් එලවළු වගාව සිදු කලද ඒ සදහා රසායනික පොහොර යම් ප්‍රමාණයක් එලවළු වගාව සදහා එක් කිරිමෙන් තමන් වගා කරන එලවළු වගාව සාර්ථක වන බවයි ගොවින් කියා සිටින්නේ.

කාබනික පොහොර භාවිතයෙන් පමණක් නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගාව සිදු කල නොහැකි බවත්, රසායනික පොහොර නොමැතිව මහ පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් එලවළු වගාවෙන් ඉවත් විමේ අවධානමක් පවතින බවද එම ගොවින් කියා සිටියි.

නුවරඑලිය එලවළු ගොවින් කියා සිටින්නේ රසායනික පොහොර ආනයනය ක්‍රමක් ක්‍රමයෙන් නතර කල යුතු බවත්, එකවරම රසායනික පොහොර ආනයනය නතර කිරිම නිසා ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා අධික මිලකට රසායනික පොහොර මිටියක් අලෙවි කිරිම නිසා තම එලවළු වගාවට විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාද කියා සිටින්නේ රසායනික පොහොර නොමැති විම නිසා තම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එලවළු තොග වල අඩුවක් පවතින බවයි.

පවත්නා තත්ත්වය මත එලවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන එලවළු ගොවියෙකු සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය ) වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටින්නේ රසායනික පොහොර ආනයනය ක්‍රම ක්‍රමයෙන් නතර කිරිමට පියවර ගත යුතු බවත්,රසායනික පොහොර නොමැති විම නිසා සියළුම ගොවින් එක් කර ගනිමින් රජයට බලපැම් කර ගැනිමින් දැවැන්ත උද්ඝෝෂනයක් සිදු කිරිමට අදහස් කරගෙන සිටින බවයි.

තේ වතු සමාගම්වල වතු අධිකාරිවරුන්ද කියා සිටින්නේ වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් වැඩි කිරිම හමුවේ තම සමාගම් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවත්, එවන් තත්ත්වයක් හමුවේ රසායනික පොහොර ආනයනය නතර කිරිම තුලින් තේ ඵලදාවද අඩුවිම හමුවේ තේ කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

486 views



Source link