October 18, 2021

Ada Rata

All news in one location

රසායනික පොහොර ආනයනය සම්පූර්නයෙන් තහනම්.. – ආනයන අපනයන පාලකගෙන් රේගුවට හා සියළු බැංකුවලට නියෝගයක්…


May 9, 2021 at 12:40 pm |

රසායනික පොහොර ආනයනය සම්පූර්නයෙන් තහනම්.. – ආනයන අපනයන පාලකගෙන් රේගුවට හා සියළු බැංකුවලට නියෝගයක්…

ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය තහනම් කරමින් ආනයන අපනයන පාලක ජෙනරාල් වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරටට සියලුම රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වීම මැයි 06 වන දා සිට තහනම් වී ඇත.

එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීම හෝ විවෘත කරන ලද ණයවර ලිපිවලට මුදල් නොගෙවන ලෙසත් ශ‍්‍රී ලංකා රේගුවට හා සියලු බැංකුවලට දැනුම් දී ඇතැයිද එම නියෝගයේ සඳහන් ය.

මේ අතර රසායනික පොහොර ආනයනය කිරීමේ තහනම් කිරීමේ තීන්දුව ගැන නැවතත් සලකා බැලීමට රජය තීරණය කර තිබේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ගොවි ජනතාව සහ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන එල්ල වන චෝදනා හේතුවෙන් මෙම තීරණයට රජයේ එළඹ ඇතැයි සතිඅන්ත ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව එළඹෙන හෙට දිනයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආනයන අපනයන පාලක අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැත්වෙනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කියා සිටියේ රසායනික පොහොරක් තහනම් කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව පත් කරන බවයි.

4,069 views



Source link