November 30, 2021

Ada Rata

All news in one location

රඹුක්කන නාය යෑමේ අනතුර (PHOTOS)



රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිදුවූ නායයාමක් නිසාවෙන් විපතට පත් පවුලක පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 611 වන බලසේනාවේ සහ 08 වන සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කර තිබේ.

යුද්ධ හමුදා භට පිරිස් විසින් මුදාගනු ලැබූ එම පවුලේ මව පියා සහ දියණියත් තවත් ඥාති දියණියකුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රඹුක්ක  රෝහලට ඇතුළත් කර ඇති නමුත් බරපතල තත්ත්වයේ සිටි මව (36) දියණිය (08) සහ ඥාති දියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.  පියා මේවන විට රඹුක්කන රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියි.

එම නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි රූප රාමුවල දැක්වෙන්නේ.

ASK 




Source link