December 4, 2021

Ada Rata

All news in one location

රථ වාහන දඩ ගෙවීමට දී තිබූ සහන කාලය 14 වනදායින් අවසන්


කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් රථ වාහන දඩ මුදල් තැපැල් සහ උපතැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය ලබන 14 වනදායින් අවසන් බව තපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් අනුව පසුගිය 2021.10.31 දින සිට සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා 2021.11.14 දින දක්වා අතිරේක දඩ මුදල් රහිතව භාර ගනු ඇති.

ඉන් පසුව දින 28 දක්වා අතිරේක දඩ මුදල් අයකර ගන්නා බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම 2021.11. 01 දින සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් භාර ගැනීමත්, දින 28 ක් දක්වා රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අය කර භාර ගැනීමත් දින 28 ඉක්ම වූ රථවාහන දඩ පත්‍රිකා භාර නොගන්නා බවත් තැපැල් දෙපාර්තමේනතුව වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා. (colombotimes.lk)

Viber



Source link