November 27, 2021

Ada Rata

All news in one location

රථ වාහන දඩ ගෙවීමට අලුත් ක්‍රමයක්


රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

මෙම නව ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අයුරින් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

මෙය පළමුව, අධිවේගී මාර්ගයේ සිදුවන රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමටත් අනෙකුත් මාර්ග සඳහා පසුව සලකා බැලීමටත් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය පවසනවා.
(colombotimes.lk)

Viber



Source link