October 19, 2021

Ada Rata

All news in one location

රට වහන්න – කොළඹ ජනතාව ආණ්ඩුවෙන් ආයාචනා කරයි


උඩඟු කම අතහැර රට සතියකට හෝ වස දමන්නැයි රට පුරා ජනතාව ඉල්ලා සිටිනවා.නවබිම කොළඹ ප්‍රදේශ කීපයක කළ සංචාරයේදී විවිධ පුද්ගලයන් දැක්වූ අදහස්,

“මේක හරියන්නේ නෑ.අපි වැඩට එන්නත් ඕනෑ.ඒ එන්නෙත් මරණය අතේ තියං,බස් වලින් ඇවිත් අයෙත් ගෙදර යනවා.ගෙදර ඉන්නේ ළමයි එක්ක,අපිට හැදුනත් ඒ ළමයින්ටත් හැදෙනවා.ආණ්ඩුව තීරණයක් ඉක්මනටම ගන්න වේවි”
දර්ශන නිරෝෂන් -මහරගම

“අපි හම්බ කරන්නේ ළමයින්ට,දැන් අපේ ජිවිත විතරක් නෙවයි ළමයින්ගේ ජිවිත ගැනත් බයයි.දැන් හැ දුන කෙනා හොයා ගන්න බෑ.අපිට හැදිලද දන්නෙත් නෑ.බෙහෙත විදින්න තමයි වෙන්නේ.”
ත්‍රි රෝද රථ රියදුරු -මහේෂ් වනාතමුල්ල

“ආණ්ඩුවේ වැඩ කිසි පිළිවෙලක් නෑ මිනිස්සු මැරෙනවා. නවත්තන්න බෑ.මේක හිතන් ඉන්නේ ප්‍රභාකරන් මැරුව වගේ කරන්නද?එහෙම කරන්න බැනේ,තැනින් තැන වැහුවට වැඩක් නෑ .මිනිස්සු එලියට බහිනවා.”
තිලිණ මුණවීර -කඩුවෙල

“මේ ජනධිපතිලා මොනවද කරන්නේ.කලින් ලෙඩ්ඩු 10 ඉද්දිත් වහල දැන් මෙච්ච්ච්ර මැරෙද්දි ඉන්නේ,අයි කියල තේරෙන්නේ නෑ,මිනිස්සුන්ට සල්ලි දෙන්න බැරි නිසාද කොහෙද,මම කියන්නේ එකත් කමක් නෑ.නොකා නොබී ඉන්න පුළුවන් එත් අපේ ළමයි ජීවත් වෙන්න එපැ යි”
තිසරණි වත්සලා -රාජගිරිය

“මේක නං පුදුම කරුමයක්,මේ වගේ රටක කරුමෙට ඉපැදිලා තියෙන්නේ,.අරූ හොද නැති නිසා මුට දුන්නා,විනාස කළා.මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරන්න හොද නෑ .ඉස්පිරිතාල හදන්න ඕන නෑ.මිනිස්සුන්ට ඒ සල්ලි දීල වහල දාන්න. සතියකට හරි.මගේ මල්ලි කෙනෙකුත් මැරුණා.”

විමලසිරි පෙරේරා -මෝදර

“දැන් වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිලා තියෙන්නේ,ගෝඨාභය මහත්තය හොදයි කියල කට්ටියම දුන්න.දැන් මොකද වෙලා තියෙන්නේ.මිනිස්සු මැරෙනවානේ නිරපරාදේ.බබාලා හම්බ වෙන්න ඉන්න අයත් මැරෙනවා.අර කිව වගේ කොරෝන නෙමේ ඝෝඨා බය දැන් තියෙන්නේ.වහන්න ඕන නේද .තව අයි බලන් ඉන්නේ ඉන්දියාව බලන්න හැමතැනම මිනී.දැන් පොඩි
අය බයවෙලා ඉන්නේ ඒවා දැකලම.”
නව්ෆර් -මරදාන

බොහෝ දෙනෙක් දරුවන් ගැන අදහස් දැක් වූ අතර රට වසා දැමීම සුදුසු බවත්,එසේ නොවුනහොත් ,ඉන්දියාව පත්වූ තත්ත්වය වෙත ගමන් කරන බවත් ,දක්වා සිටියා.





Source link