October 17, 2021

Ada Rata

All news in one location

රට ලොක්ඩවුන් කිරීමකට සූදානම් වීම ගැන විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී …



රටම වසා දැමීමක් ඉදිරියේදී සිදුවන්නේ නම් එම තත්වය තුළ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) පැවැත්වී ඇති බව වාර්තා වේ. 

ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර අත්‍යවශ්‍ය සේවා සපයන සියලුම ආයතනවල ප්‍රධානීන් මීට කැඳවා තිබුණු බව සඳහන්. 

කොවිඩ් ව්‍යාප්ති තත්වයන් අනුව ඉදිරියේදී පූර්ණ වශයෙන් හෝ 75%ක මට්ටමෙන් රට වසා දැමීමට සිදු වුවහොත් එවන් තත්වයක් තුළ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත. 

කෙසේවෙතත් පසුගිය අවස්ථාවල ඇඳිරි නීතිය පැනවීමක් මෙවර සිදු නොකෙරෙනු ඇති බව එහිදී ප්‍රකාශ වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. 

RN




Source link