October 18, 2021

Ada Rata

All news in one location

රට බේරාගන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අගමැති මහින්දගෙන් ඉල්ලයි


ජනතාව පසුගිය මැතිවරණ වලදී ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසයෙන් බැවින් වහාම ඉදිරිපත් වී රට බේරාගන්නැයි ඉතාම කාරුණිකව ඒ මහතාගෙන් ඉල්ලා සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

“අපි ළඟ තිබෙන සියලුම වාර්තා අපි එකපාර එළියට දාන්න ගියොත් මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නෑ. ජනාධිපතිතුමාට පෙරේදා ලියුමකුත් ඇරියා. එතකොට අපේ සෞඛ්‍ය ඇමතිතුමියට කතාකරලා කීප සැරයක්ම කිව්වා. සෞඛ්‍ය ලේකම්තුමාට කිව්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට කිව්වා. දැන් ඉතිං මම හොයනවා මේක වෙන කාටද කියන්නෙ ? කියන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නම් අපට කියන්න සිද්ධවෙලා තියෙනවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කම්කරු ප්‍රඥප්තියක් තියෙන්නෙ ILO නෙ. ඒකටවත් කියලා බලමු, අපට කියන්න කෙනෙක් නෑ තව ලංකාවෙ.

අගමැතිතුමාටත් කිව්වා. අගමැතිතුමාත් නිරුත්තරයි. එතුමා උත්තරයක් දෙන්නෙ නෑ මොනම දේකටවත්. ගරු අගමැතිතුමනි, දැන්වත් ඔබතුමා දකුණේ වීර සිංහලයෙක් වශයෙන්, දකුණේ වීර සෙබළෙක් වශයෙන් ඉදිරිපත්වෙලා මේ රට රැකගන්න ඉදිරිපත් වෙන්න ඔබතුමා. උකටලී වෙන්නට එපා. ඔබතුමා අපි දන්නවා අසනීපෙන් ඉන්නෙ. අසනීපෙන් වුණත් මේ වෙලාවෙ තමයි ජනතාව ඔබතුමා කෙරෙහි තැබූ විශ්වාසය උඩයි රටක් වෙනස් වුණේ, ඒ විශ්වාසය පළුදු කරගන්නෙ නැතුව තවතවත් තහවුරු කරගන්න කියන එක මම මේ අවස්ථාවේ ඉතාම කාරුණිකව ඉල්ලනවා” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.





Source link