December 4, 2021

Ada Rata

All news in one location

රටේ සියලු ආර්ථික ප්‍රශ්න අවසන් වන ලකුණු



20 වැනි සංශෝධනයේදී, කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නයේදී ආණ්ඩුවට එළිපිටම අභියෝග කළ විමල් වීරවංශ ඇමතිවරයා පසුගිය කාලයේදී ඉතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

එසේ සිටි විමල් ඇමතිවරයා මේ දිනවල සිටින්නේ රුසියාවේය. පසුගිය 02 වැනිදා, 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF’21) ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතායි.

ඇතැම් විට පසුගිය කාලයේදී ඔහු, ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික සමුළුව හරහා ශ්‍රී ලංකාව සංවර්ධනය කරන හැටි ගැන සද්ද නැතුවම පිඹුරුපත් සකස් කරන්නට ඇත.

ඒ අනුව විමල් වීරවංශ ඇමතිවරයා මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම, රටේ පවතින කොවිඩ් වසංගතය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය, බඩු මිල ඉහළ යාම, ඇතුළු ජනජීවිතයට අදාල ප්‍රශ්න විසඳීමේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳීමේ මූලාරම්භය විය හැකිය.

UN




Source link