October 28, 2021

Ada Rata

All news in one location

රටේ තත්වය බරපතළයි. වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න



රට බරපතළ අර්බුදකාරී තත්වයක් කරා යොමුවෙමින් තිබෙන බැවින් ඊට මුහුණ දීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටී. 

“ගිය වසරේ කොරෝනා ව්‍යසනය ආරම්භ වෙනකොට රජය විසින් සර්වපාක්ෂික සමුළුවක් ආරම්භ කරලා ඒ වෙනකොට සමගි ජන බලවේගයෙන් විපක්ෂ නායකතුමායි පක්ෂ මහලේකම්තුමායි රැස්වීම් දෙකකට පමණයි කැඳෙව්වෙ. ඒ පළවෙනි රැල්ල සාර්ථකව පාලනය කරනවා කියලා හිතාගෙන හෝ මේ වාසිය වෙනත් පක්ෂවලට යයි කියලා හිතාගෙන හෝ විපක්ෂයේ සියලුම පක්ෂ හැළුවා. හළලා දිගටම හොඳ පැත්ත තමන්ට විතරක් නම දාගන්නට උත්සාහ කළා. මේ වෙනකොට අද රජය මේකෙ අසාර්ථකයි. රජය අපොහොසත් වෙලා තියෙනවා මේ තත්වය පාලනය කරන්න. අද බරපතළ තැනකට තල්ලු වෙනවා රට. එනිසා අපි සමගි ජන බලවේගය වෙනුවෙන් යෝජනා කරනවා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා සියලුම දේශපාලන පක්ෂ එකතු කරගන්න. එහි සියලු දෙනාම එකතුවෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. ආණ්ඩුවට සහයෝගය ලබාදීලා මේකට මුහුණ දෙන්න ඒ අවස්ථාව වහාම ලබාදෙන්න. අපි රට බේරාගමු පළමුව. අපි දේශපාලනය කරමු දෙවනුව” යනුවෙනුයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේ. 

කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN




Source link