January 27, 2022

Ada Rata

All news in one location

රටින් පැන ගොස් සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් අත්අඩංගුවට


රටින් පළාගොස් විදෙස් රටවල සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසීය මඟින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි ජාවාරම්කරුවන් 13ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඉන් දෙදෙනෙකු රතු නිවේදන වලට අනූව අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වන බවයි.



Source link