December 4, 2021

Ada Rata

All news in one location

රටතුළ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට බැසිල්ගෙන් විසඳුමක්


රටතුළ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට ඉදිරි දිනවලදි විසඳුම් ලැබෙනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා මෙරට ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව වන “පැල්ක්සි කෙයාර්” පුද්ගලික සමාගම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළකලා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ අවස්ථාවේ දී ගැටලුවක් වී තිබෙන විදේශ විනිමය ඉපැයිමේ ප්‍රධාන ආයතනයක් බවට මෙය පත්වෙන බවයි.

මෙම වෛද්‍ය උපකරණ බොහෝමයක් සියයට 90ක් පමණ අපනයනය සඳහා නිෂ්පාදනය කරන බැවින් එසේ සිදු කළ හැකි බව ඔහු සඳහන් කළා.

එමෙගින් විශාල විදේශ විනිමයක් අපිට උපයා දෙන බවද ඔහු සඳහන් කළා.

තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් යම් ආකාරයකට උදව් වන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මේ මාසයේ 25 වනදා තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තියෙන ප්‍රධානතම ආයතනයක් මේ රටේ ආරම්භ කරන බවත් ඔවුන්ගේ ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලාංකීක තරුණයින් 2,000කට ක්ෂණිකව රැකියා සැපයීමට හැකියාව තිබෙන බවත් ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් රජය මුහුණපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ඉදිරි කාලයේ දී ඉතාම සාධනීය විසඳුමක් ලබාදිය හැකි බව ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link