October 20, 2021

Ada Rata

All news in one location

රටට ඩොලර් මිලියනයක් ගේන සහන් එපා වී යන්න හදයි


ඕස්ට්‍රේලියාවේ ඉපිදී හැදුණු වැඩුණු වයස අවුරුදු 25 ක් වන සහන් ලංකාවේ ප්‍රථම ක්‍රිකට් පිති නිෂ්පාදනකරුවයි.සහන් තමන්ගේ මව් රට වෙනුවෙන් මෙල්බර්න් හි තමන් හැදෑරූ උපාධිය අත්හැර ශ්‍රි ලංකාවේ නිෂ්පාදනයක් ලෙස ලෝකයට අපේ නිෂ්පාදන අපනයනය කරන්නට නොපසුබට උත්සහයෙන් යුතුව තරඟ වදී.සිංහල භාෂාව හොදින් හසුරුවන්ට නොහැකි වුවත් ඔහු අඩු මිළට ක්‍රිකට් පිති ලංකාව තුළ අළෙවි කරන්නටත්,එය අපනයනය කිරීමත් ආරම්භ කර තිබේ.
සාමාන්‍යයෙන් ක්‍රිකට් පිති නිපදවන ඉන්ග්ලිෂ් විලෝ මෙරටට ගෙන්වා දේශීය නිෂ්පාදනක් ලෙස දළ හස්ති රූපයක් සහිතව staunch යන නාමයෙන් මෙම ක්‍රිකට් පිති නිෂ්පාදනය කිරීමට ඔහු යොමු වී තිබෙනවා.ඒ වගේම ඔහුගේ ක්‍රිකට් පිති වෙනුවෙන් ICC අනුමැතිය හිමි වී තිබ තුළ මෙය අන්තර්ජාතිකව විදේශ විනිමය බිහි කළ හැකි ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

“ඕස්ට්‍රේලියාවේ අපි ජනප්‍රිය තේ වලට විතරයි.මම උත්සාහ කරන්නේ අපේ අලියා කියන සංකේතය එක්ක ඉදිරියට යන්න”
“මම මේ ව්‍යාපාරය දැන් කරගෙන යන්නේ හරි අමාරුවෙන්,කොවිඩ් එක්ක ගොඩක් බිස්නස් වැටුණා.මම ගෙන්වපු ලී තොග ගන්න බැරි උණා.ඒවා තෙමුණා.ටැක්ස් වැඩි උණා ,මේක දාල යන්න හිතෙනවා.අමරුවෙන් කරන්නේ”
තමන් බිහි කල ව්‍යාපාරය ගැන ඔහු දක්වන්නේ එවැනි අදහසක්.

ඔහුට මේ වන විටත් ඩුබායි තායිවානය වැනි රටවල් වලින් මෙම ව්‍යාපාරය අරම්බ කරන ලෙස ආරාධනා කර තිබුනත් තවමත් තමන්ගේ උරුමය සහිත රට හැරදා යන්නට ඔහුගේ හිත හදා ගන්නට බැහැ.
ඔහු ඉල්ලා සිටින්නේ මේ ව්‍යාපාරය කරාගෙන යන්නට උදව් අවශ්‍ය බවයි.

සාමාන්‍යයෙන් ඩොලර් මිලියනක පමණ විදේශ විනිමයක් මෙම ව්‍යාපාරය මගින් රට තුළට ගෙන ආ හැකි බවත්,මෙය යාපනය,ගාල්ල ආදී ප්‍රදේශ වලද ආරම්භ කරමින් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කල හැකි බවද ඔහු පෙන්වා දෙනවා.මේ සම්බන්ධව විමල් විරවංශ අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබු අතර T .M දිල්ෂාන් ද මේ සම්බන්ධව උනන්දුවක් යොමු කර තිබුණා .

ක්‍රීඩා ඇමති තුමනි,ජිම් හදන්නට සල්ලි රටින් පිටට යවනවා ට වඩා රටට සල්ලි අරන් එන මෙවැනි මිනිසුන්ට අවශ්‍ය සහන ලබා දෙන්නට කටයුතු කරනු ඇතැයි අපි උදෙක්ම විශ්වාස කර සිටිමු.





Source link