October 19, 2021

Ada Rata

All news in one location

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණය කල් යයි


නිලවරණයක් පවත්වා 2021/2022 වසර සඳහා නව නිලධාරි මණ්ඩලයක් තෝරාපත් කර ගන්නාතුරු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වත්මත් විධායක සභාවට එම සංගමයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබාදෙමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද නියෝගයක් නිකුත් කළා.

ඒ, ලබන 26 වැනිදා එම සංගමයේ නිලවරණය පැවැත්විම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංමයේ සහකාර ලේකම්වරුන් පිරිසක් ගොනු කර තිබු පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදීයී.

පෙර සැලසුම් කළ පරිදි ලබන 26 වැනිදා එම නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසු බවත් , රට තුළ පවත්වා කොරෝනා වසංගත තත්ත්වය නිසා එදින නිලවරණය පැවැත්වීමට සුදුසු නොවන බවට ඔහු උපදෙස් ලබාදී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සංචරණ සීමා සඳහා ලබන 26 වැනිදා නිලවරණය පැවැත්වීමෙන් සිය සංගමයේ සාමාජිකයින්ට අසාධාරණයක් සිදුවන බැවින් එම නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි සහකාර ලේකම්වරුන් එම පැමිණිල්ල මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පැමිණිල්ල සළකා බැලීම සඳහා, ලබන 05 වැනිදා යළි කැදවීමට නියමිතයි.(colombotimes.lk)



Source link