November 29, 2021

Ada Rata

All news in one location

රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න අයට විශේෂ දැනුම්දීමක්


රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වනවා.

සංචරණ සීමා හමුවේ රෝහල්වල පැවැත්වෙන සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ගේ පහසුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව, රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

රෝගීන් ලියාපදිංචි කිරීමේ දී රෝහල වෙත ලබා දී ඇති ලිපිනයට මෙම බෙහෙත් වට්ටෝරු බෙදා හරින බැවින්, ලියාපදිංචියේ දී ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ රෝහල දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන්ට දැනුම් දෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 072 0 720 720 හෝ 072 0 606 060 දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකියි. (colombotimes.lk)



Source link