November 27, 2021

Ada Rata

All news in one location

රග්බි ලෝක කුසලානයට ජාතික කණ්ඩායමේ සූදානම


ඩුබායි හි පැවැත්වෙන ඩයලොග් ආසියාටා සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා සියලු කටයුතු සුදානම් වෙමින් තිබෙනවා.

2022 දී පැවැත්වෙන ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරඟාවලියේ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ ඩයලොග් ආසියාටා සත් සාමාජික රග්බි තරඟාවලිය ඩුබායි හීදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ජාතික පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායම් සුදානම් වන ආකාරය දැක බලා ගැනීමට නාමල් රාජපක්ෂ මහතා අද (16) සුගතදාස ක්‍රීඩාංගනය පැමිණියා.

එහිදී ඔහු සඳහන් කළේ තරුණ ජාතික රග්බි කණ්ඩායම් වෙහෙස මහන්සි වී පුහුණුවීම් සිදු කරන ආකාරය ගැන තමන් සතුටු වන බවයි.

මෙම තරඟාවලිය වෙනුවෙන් දැක්වු දායකත්වයට ආසියානු රග්බි සම්මේලනය හා එහි සභාපති කයිස් ඒ. අල් ධලානි මැතිතුමන්, ඩයලොග් ආසියාටා සමාගමේ සාමාජිකයන් සහ නාමල් රාජපක්ෂ මහතා පසුගියදා හමුව තිබුණා. (colombotimes.lk)

Viber



Source link