November 30, 2021

Ada Rata

All news in one location

රක්ෂිතයේ වැටලිමකට ගිය නිලධාරින් පිරිසක් අතරමං වේ


නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල අතරමං වේ

නුවරඑලිය මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් රක්ෂිතය තුල ඊයේ (16) දින අතරමං වි ඇති බව වාර්තා වනවා.

අතරමං වු වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිස අද (17) දින උදැසන නිරුපද්‍රිතව සොයා ගැනිමට හැකි වු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරි සුජිත් අජන්ත මහතා පැවසුවා.

එම රක්ෂිතය තුල කාලයක් තිස්සේ සිදු කරනවා යැයි පැවසෙන අනවසර මැණික් ගැරිමක් වැටලිමට නුවරඑලිය වන අඩවි කාර්යාලයේ නිලධාරින් 15 දෙනෙකු සහ හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් 06 දෙනෙකු ඇතුළු 21දෙනෙකු ඊයේ දින උදැසන මෙහෙයුම සදහා මාර්ග දෙකක් ඔස්සේ රක්ෂිතය තුලට ඇතුල්වි තිබෙනවා.

හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ වත්ත ප්‍රදේශයෙන් ඊයේ දින උදැසන රක්ෂිතය තුලට ඇතුල් වි ඇති අතර අනෙකුත් නිලධාරින් පිරිස බලංගොඩ බෙලිහුල්ඔය පහන්තුඩාව ප්‍රදේශයෙන් රක්ෂිතය තුලට ඇතුල් වි තිබුණා.

බලංගොඩ ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුල් වු පිරිසගේ ඊයේ දින පස්වරුවේ රක්ෂිත තුලට ඇද හැලුණු අධික වර්ෂාව සහ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් දුරකථන සංඥා අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් එම නිලධාරින් පිරිස රක්ෂිතය තුල රාත්‍රිය ගත කර තිබෙනවා.

ඒ අනුව අද දින අලුයම බගවන්තලාව ලොයිනොන් නොර්ත්කෝ ප්‍රදේශයෙන් උදැසන 9 ට පමණ පිටතට පැමිණි බව හැටන් වන අඩි ආරක්ෂක සුජිත් අජන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම වැටලිමේදි කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නොහැකි වු බවත් අතරමං වු නිලධාරින් පිරිස සොයා ගැනිම සදහා යුධ හමුදාවෙන් උපදෙස් ලැබුණු බව හැටන් වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link