December 4, 2021

Ada Rata

All news in one location

රංචාගොඩ ළමයා දිවිසැරිය නිම කරයි



මෙරට ජ්‍යෙෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 94 වැනි වියේ පසුවිය.

1948 දී ආරම්භ වූ සිංහල ජාතිය පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ කොඩිකාර මහතා මෙරට මාධ්‍ය ඉතිහාසයේ නොමැකෙන සළකුණක් බවට පත්වූයේ ඇත්ත පුවත්පතේ විශේෂාංග සංස්කාරකවරයා ලෙසයි.

ඔහු වඩාත් ජනාදරයට පත්වූයේ රංචාගොඩ ළමයා ලෙසයි. ඒ ඔහු ඇත්ත පුවත්පතට ලියූ කවිය හේතුවෙනි.

පුවත්පත් කලාවේදියෙකු පමණක් නොව ගත් කතුවරයෙකුද වන ඒ මහතා ලෙයින් ලියූ කවි, ටයර් සෑය, මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, කනේරු මල්, මා දුටු කෝසල සිහිනය යන කෘති රචනා කළේය. මීට අමතරව ඔහු සිය ස්වයං චරිතාපදානය ‘දියවැලක් ඔස්සේ’ නමින් රචනා කළේය.

සිය ජීවන ගමනේ 90 වැනි සැතපුම පසු කරන තෙක් මාධ්‍ය මෙහෙවරේ නිරත වූ සිරිලාල් කොඩිකාර මහතා මෑතක් වනතුරුම සිළුමිණ පුවත්පතට රංචාගොඩ ළමයා කවිය රචනා කළේය.

UN




Source link