November 29, 2021

Ada Rata

All news in one location

යූරියා 10,200 වෙයි. මොන ගොවියාටද ගන්න පුළුවන් ? ආණ්ඩුව මේ තකතීරු තීන්දුව හකුළාගත යුතුයි



පොහොර ගැටළුවට විසඳුම් වශයෙන් පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනයට අවසර දෙන බව කීමෙන් ආණ්ඩුව සිදුකර ඇත්තේ නැවත වරක් ගොවි ජනතාව රැවටීමක් බවත් ආණ්ඩුව වහාම මෙම තකතීරු තීන්දුව හකුළාගෙන ගොවීන්ට සහනාධාර ක්‍රමයකට රසායනික පොහොර ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

• රසායනික පොහොර ආනයනයට ඉඩ දිමත් සමග දශක 6ක් රට තුල ක්‍රියාත්මක වු පොහොර සහනාධාර ක්‍රමය අහෝසි වනබව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මෙය මෙරට ගොවි ජනතාවට කළ බරපතළ හානියක් බව ද ඒ මහතා පැවැසීය.

• මිට පෙර යුරියා මෙට්‍රික් ටොන් එකක් ආනයනය සදහා ඩොලර් 397 ක් ගෙවු නමුත් දැන් ඒ සදහා ඩොලර් 1000ක් ගෙවන්න සිදු වන බවත් ඒ අනුව කිලෝග්රෑම් 50ක යුරියා මිටියක් ආනයනය සදහා අද වන විට රුපියල් 10,200ක්  වැය කිරිමට සිදු වෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ මුදල ගොවින්ට දරා ගැනීමට නොහැකි බව ද අවධාරණය කළේය.

• පොහොර ආනයනය සදහා අනුමැතිය දුන් පමණින් එම ක්‍රියාවලිය සිදු වන්නෙ නැති බවත් රජය ඒ සදහා ණයවර ලිපි නිකුත් කිරිමට අවශ්‍ය පහසුකම් අදාල ආයතන සදහා සැපයිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එනමුත් පවතින ඩොලර් හිගය මත බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රවණතාව අඩු වි තිබෙන බවත් ප්‍රකාශ කළේය. මේ තත්ත්වය තුල පොහොර ආනයන ක්‍රියාවලිය යළි අඩපණ විමක් සිදුවන අතර ඒ හරහා “අප පොහොර ආනයනයට අවසර ලබා දුන්නත් අදාල ආයතන ඒවා ගෙන්විම නොකරන බවට ආණ්ඩුව ව්‍යාජ මතයක් ගොඩනැගීමට උත්සාහ දැරිය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

• කාබනික වී කිලෝ එකක් සදහා රජය රුපියල් 80/- ක සහතික මිලක් ලබා දෙන බවට ආණ්ඩුවේ සමහර ඇමතිවරු  පොරොන්දු වුවත් ඒ සදහා කිසිදු ප්‍රතිපාදනයක් අයවැයෙන් වෙන් කර නැති අතර ආණ්ඩුව ඒ හරහා ද සිදුකොට ඇත්තේ ගොවි ජනතාව රැවටවීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

• වර්තමානයේ පවතින තත්ත්වය  තුළ, වී අස්වැන්න අඩූ වනවා පමණක් නොව බිත්තර වී නිෂ්පාදනය පවා ඒ හේතුවෙන් අඩු වන බවත් එම නිසා ඉදිරි කන්න සදහා  ප්‍රමාණවත් බිත්තර වී පිටරටින් ආනයනය කිරිමේ තත්ත්වයක් ඉස්මතු වනු ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එයින් සිදු වන්නේ මෙරටට අහිතකර දිලීර වර්ග මෙන්ම ගුණාත්මක බවින් අඩු බීජ ගෙන්වීමට සිදුවීම බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (25) පෙරවරුවේ ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ පැවති “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩ සටහනේදී ය. 

RN




Source link